Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

අයර්ලන්තය පරදවා බංග්ලාදේශය ජයගනී

  • පී.ඩී.එෆ් (PDF)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) අයර්ලන්තය හා බංග්ලාදේශ කණ්ඩායම් අතර මීර්පූර්හි ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් අයර්ලන්ත පිල පරදවා කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ පිල සමත් විණි.

තරගයේ කාසිය වාසිය දිනාගත් ‍බංග්ලාදේශ පිල ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 49.2කදී සියලුදෙනා දැවී ලකුණු 205ක් රැස් කර ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත පිලට පන්දු වාර 45කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 178ක් පමණි.

මෙම තරගයේ දී ලකුණු 44ක් ලබාගත් බංග්ලාදේශ පිලේ තමිම් ඉක්බාල් තරගයේ වීරයා බවට පත් විය.

මෙය ලෝක කුසලාන තරගාවලියේ 9 වන තරගය යි.

t_kd