Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

රාජ්‍ය කෙටි නාට්‍ය හා ළමා නාට්‍ය උළෙලට අයදුම්පත් කැඳවේ

  • පී.ඩී.එෆ් (PDF)
Drama_sinhabahu

සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය මඟින් පවත්වනු ලබන 2011 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලට හා රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට අයදුම්පත් බාර ගැනේ.

සියලු ම අයදුම් කරුවන් ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් විසින් නිකුත් කරන ලද අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ  කර නාට්‍ය පිටපතක් හා සාරාංශ පිටපත් තුනක් සහිත ව ලබන මාර්තු  මස 15 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන්  ලේකම්, ජාතික නාට්‍ය අනුමණ්ඩලය, 08 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයට එවිය යුතුය.

රාජ්‍ය කෙටි නාට්‍ය පිටපත් සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ද ළමා නාට්‍ය පිටපත් මෙම භාෂාවලට අමතර ව ඉංග්‍රීසි භාෂාවෙන් ද ඉදිරිපත් කළ හැකිය. වැඩි විස්තර 0112872385 දුරකතනය ඇමතීමෙන් ලබාගත හැකිය.

PR