Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

සංචාරක පැමිණීමේ වර්ධනයක්

  • පී.ඩී.එෆ් (PDF)
tourist_sigiriya

2010 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව 2011 ජනවාරි මාසය වනවිට සංචාරකයින්ගේ පැමිණීම සියයට 46%ක වර්ධනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ 50,757ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මෙම වසරේ ජනවාරි මාසය වනවිට එය 74,197ක් ලෙස වර්ධනය වී ඇත.

වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ දකුණු ආසියානු රටවලිනි. එම රටවල් අතරින් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එම සංඛ්‍යාව 9141 සිට 13786 දක්වා වර්ධනය වී තිබේ. ප්‍රතිශතයක් ලෙස සියයට 51%ක අගයකි.

බටහිර යුරෝපීය රටවලින් පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 21230 සිට 32627 දක්වා සියයට 54%කින් වර්ධනය වී ඇති අතර නැඟෙනහිර ආසියාතික රටවලින් පැමිණි  සංචාරකයින්ගේ සංඛ්‍යාවේද වර්ධනයක් සිදු ව තිබේ.

උතුරු ඇමෙරිකානු රටවලින් සියයට 58%ක වර්ධනයක් දක්නට ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සියයට 62%කි.

දශක තුනක යුද්ධය නිමා කරමින් සංචාරකයින්ගේ ආරක්ෂාව හා පහසුකම් වැඩි දියුණු කිරීම, නවාතැන් පහසුකම් හා නැරඹුම් ස්ථාන විධිමත් කිරීම ඇතුළු සංචාරක ක්ෂෙත්‍රයේ කර ඇති සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ධනය උදා වී තිබේ.

PR