Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

පසුගිය කාලයේ දැනුම වෙනුවට යාපනයට ලැබුණේ ත්‍රාසය හා භීතිය

  • පී.ඩී.එෆ් (PDF)

ඩලස් අලහප්පෙරුම
jaffna_nibmපසුගිය කාලය තුළ යාපනයට නවීන තාක්ෂණය හා විද්‍යායානූකූල දැනුම වෙනුවට ලැබුණේ ත‍්‍රාසය, භීතිය, කඳුළ හා මන්දපෝෂණය බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කරයි.

යාපනය කාර්මික විද්‍යාලය උතුරු පළාතේ තාක්ෂණය විද්‍යාලය බවට පත්කිරීමෙන් හා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ ශාඛාවක් ආරම්භ කිරීමෙන් අනතුරු ව යාපනය කාර්මික විද්‍යාලයේ දී ඊයේ (25) පැවැති උත්සවයක දී අලහප්පෙරුම මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ යෞවන යෞවනියන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම වෙනුවෙන් කොරියානු ජනරජයේ ප‍්‍රදානයක් ලෙස කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ආයතනය මේ සඳහා ඩොලර් මිලියන 58ක් වැය කර තිබේ.

‘යාපනයට පසුගිය අවුරුදු 30ක කාලය තුළ ලෝකයේ නව තාක්ෂණය ගලා ආවේ නැහැ.  ඒ වෙනුවට ඔබ හමුවට ආවේ භීතිය, ත‍්‍රාසය, කඳුළ හා මන්දපෝෂණය යි.  මහින්ද රාජපක්ෂ රජය යටතේ යාපනයට අහිමි වූ තාරුණ්‍යය හා ජීවිත හැර අන් සියලු දේ ලබාදීමට කටයුතු කරනවා’.

ඔබේ කලාපයේ අම්මලා තාත්තලා දරුවන්ගේ අධ්‍යාපනය ප‍්‍රමුඛ කොට සලකනවා. දරුවන්ගේ අනාගතය අන් සියලු දේවලට වඩා අධ්‍යාපනය මත රැඳිලා තිබෙන බවයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ නිසයි යුද්ධයේ ගිනිදැල් ඇවිලෙමින් තිබියදීත් යාපනයේ පාසල්, විශ්වවිද්‍යාලය, කාර්මික විද්‍යාලය හොඳින් ක‍්‍රියාත්මක වුණේ. අප රජයේ වගකීම කඳුළින් පිරුණු ඉතිහාසය මතක් කර කර කඳුළු හෙළීමට ඔබට අවස්ථාව උරුම කරදීම නොවෙයි’.

‍මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ව්‍යවසාය සංවර්ධන හා සම්ප‍්‍රදායික කර්මාන්ත අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, කොරියානු ශ‍්‍රී ලංකා තානාපති චෝයි කී චූල් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

DB

jaffna_nibm_bilding

jaffna_nibm_1

jaffna_nibm_2