Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරයට ගෙනයාමට පියවර

  • පී.ඩී.එෆ් (PDF)
indigenous_medicine

දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරයට ගෙන යාම හා කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව දේශීය ඖෂධ සකස් කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබේ.

ඒ අනුව දේශීය ඖෂධවල ප්‍රමිතිය ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිෂ්පාදකයින් දැනුවත් කිරීම හා ඔවුන්ට මුහුණ පෑමට සිදු ව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ දී පැවැත්විණි.

මෙමඟින් ඖෂධ නිෂ්පාදකයින්ට වාණිජ මණ්ඩලය මඟින් තම ගැටළු රජයට ඉදිරිපත් කර හැකිය. ප්‍රමිතියෙන් තොර ඖෂධ නිෂ්පාදනය දේශීය වෙදකම ඉහළ නැංවීමට ප්‍රධාන බාධාවක් වී ඇත. මේ වන විට ජපානය එංගලන්තය වැනි රටවලින් දේශීය වෙදකමට ඉහළ ඉල්ලුමක් පවති. එහෙයින් මෙම වැඩපිළිවෙළ ජාත්‍යන්තරයට ගෙනයන ගමනේ ආරම්භයක් බව අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී ප්‍රමිතියෙන් යුතු ඖෂධ  නිෂ්පාදනය කුමන ආකාරයෙන් සිදු කළ යුතු ද යන්නත් නිෂ්පාදකයන්ට  මුහුණ දීමට සිදු වී ඇති අමුද්‍රව්‍ය හිඟකම මගහරවා ගැනීම යන කාරණා පිළිබඳ ව සාකච්ඡා කෙරිණි.

PR