Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

ජංගම පුරාවිද්‍යා ප්‍රදර්ශනය අද කෑගල්ලේ

  • පී.ඩී.එෆ් (PDF)
Archaeology
ජංගම පුරාවිද්‍යා ප්‍රදර්ශනයේ ප්‍රථම ප්‍රදර්ශනය අද (26) පෙරවරුවේ කෑගලු බාලිකා මහා විද්‍යාලයේ දී ආරම්භ වේ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන ප්‍රදර්ශනය මාර්තු 02වැනි දා දක්වා පැවැත්වේ.

එහි දී කොළඹ ජාතික කෞතුකාගාරයේ දැනට ප්‍රදර්ශනයට තබා ඇති හා මෙතෙක් ප්‍රදර්ශනය නොකරන ලද ජාතික කෞතුක වස්තුවල අනුරූ රැසක් එහි දී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

ඉහළ අධ්‍යාපනික වටිනාකමක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සමාජ විකාශනය, මානව ජීවිතය, ජන උරුමය, කර්මාන්ත, සිරිත් විරිත්, සංස්කෘතිකාංග, කලා ශිල්ප, පුරාවිද්‍යාත්මක ස්ථාන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසයට අදාළ තොරතුරු හා ඡායාරූප එහි දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ජාතික උරුමයන් පිළිබඳ ව දැනුම හා අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා පාසැල් ඉලක්ක කර ගනිමින් පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය දිවයින පුරා පැවැත්වීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය තීරණය කොට ඇත.

මෙම ජංගම ප්‍රදර්ශනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව එක් ව සංවිධානය කරයි.

Hc