Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

පකිස්තානය පළමුව පන්දුවට පහරදීමට

  • පී.ඩී.එෆ් (PDF)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා, පකිස්තාන තරගය අද (26) ලංකාවේ වේලාවෙන් සවස 2.30ට ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගනිමින් පකිස්තාන පිල පළමුව පන්දුවට පහර දීම ආරම්භ කර තිබේ.

2011ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දහවන තරගය වන එය කොළඹ, ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල මුහුණ දෙන දෙවන තරගය මෙයයි. මේ වනවිට පකිස්තානය එක් කඩුල්ලකට ලකුණු 28ක් ලබා සිටී.

පස්වන පන්දු වාරයේ 3වන පන්දුවේ දී අහ්මඩ් ෂෙසාඩ් ලකුණු 13ක් ලබා සිටියදී දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය.

නායක කුමාර් සංගක්කාර, උපුල් තරංග, තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා,  ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර,  රංගන හේරත් සහ මුත්තයියා මුරලිදරුන් අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරති.

HC