Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

සංවර්ධනය ඉදිරියට ගෙන යාමට රජයේ නියෝජිතයින් පත් කර ගන්න

  • පී.ඩී.එෆ් (PDF)
jaffna_dd_kopai

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කෝපායිහිදී පවසයි               
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජනතාව සිහි කල්පනාවෙන් කටයුතු කොට පවතින රජය විසින් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයින් බලයට පත් කිරීමට කටයුතු කළ යුතු යැයි සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

එසේ නොමැති ව වැරදි තීරණයක් ගෙන විපක්ෂයේ නියෝජිතයින් බලයට පත් කළහොත් සංවර්ධන කටයුතු අඩාල විය හැකි යැයිද දේවානන්දා මහතා පසු ගිය 18 වෙනිදා කෝපායිහිදී ප‍්‍රතිසංස්කරණය කරන ලද මහජන පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් ප‍්‍රකාශ කර සිටියේය.

මෙහිදී තව දුරටත් කතා කළ අමාත්‍යවරයා මෙම ගාන්ධි පුස්තකාල සංගමය ඉල්ලීම් කිහිපයක් තමාගෙන් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ප‍්‍රකාශ කලේය. ගමේ ළමුන්ට කියවීම් ශාලාවක් ලබාදීමට අවස්ථාවක් ලැබීම ගැන තමන් ස්තුතිවන්ත වන බවත් මෙම පුස්තකාලයේ නඩත්තුව සඳහා මසකට රු. 10,000 බැගින් ගෙවීමට තමන් පොරොන්දු වන බව ද ප‍්‍රකාශ කළේ ය.

වැඩි දුරටත් කතා කළ අමාත්‍යවරයා පසු ගිය කාලයේ තිබූ අවස්ථාවාදී දෙමළ දේශපාලන නායකත්වය නිසා දෙමළ සමාජය මෙතරම් අඩු දියුණු තත්ත්වයකට පත්වූ බවද එසේම කොටින්ගේ ආත්මාර්ථකාමී දේශපාලනයද එයට හේතුවූ බව ප‍්‍රකාශ කළේ ය. මෙම පුස්තකාලයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කෝපායි ප‍්‍රාදේශීය සභා අරමුදලින් සහ කෙයාර් සංවිධානයේ අරමුදලින් සිදු කර තිබුණි.

මෙම අවස්ථාවට කෝපායි ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රදීපන් මහතා සහ කෙයාර් සංවිධානයේ නියෝජිතයෝ ද සහභාගි වූහ.

ඉන් පසු අමාත්‍යවරයා නීර්වේලි මුත්තුතම්බි මහා විද්‍යාලයේ කී‍්‍රඩා පිට්ටනිය සකස් කිරීමට මුල් ගල තබන ලද අතර මේ සඳහා රු. ලක්ෂ 05ක ප‍්‍රතිපාදන වෙන් කොට දී ඇත. එම උත්සවයේදී කතා කළ අමාත්‍යවරයා මෙම විද්‍යාලයට විශාල අඩුපාඩුවක් ව පැවති පාසැල් කී‍්‍රඩාංගණය නැවත සකස් කිරීමට අවස්ථාව උදාවීම ගැන සතුටු වන බව ප‍්‍රකාශ කළේ ය.

එම උත්සවයට එහි විදුහල්පති සත්‍යබාලන් මහතා ද සහභාගි විය.