Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

පකිස්තානයෙන් ලංකාවට ලකුණු 278ක ඉලක්කයක්

  • පී.ඩී.එෆ් (PDF)

පකිස්තාන පිල මීට සුළු වේලාවකට පෙර සිය පන්දු වාර 50 අවසානයේ දී ලකුණු 277ක් රැස් කරමින් සිය ඉනිම අවසන් කළේ ය.

ඒ වනවිට කණ්ඩායමේ කඩුලු 7ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත් වූහ.

පකිස්තාන පිලේ මිස්බා උල් හක් නොදැවී ලකුණු 93ක් ද යූනිස් ඛාන් ලකුණු 72ක් ද රැස් කළහ.

මුරලිදරන් හා තිසර පෙරේරා කඩුලු දෙක (02) බැගින් දවා ගත්හ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල මුහුණ දෙන දෙවන තරගය මෙය වන අතර එය කොළඹ, ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මෙය 2011ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දහවන තරගය යි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක කුමාර් සංගක්කාර, උපුල් තරංග, තිලකරත්න ඩිල්ශාන්, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා,  ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර,  රංගන හේරත් සහ මුත්තයියා මුරලිදරන් අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරති.

HC