Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් දී ඇති සහතිකය ගැන ජනාධිපති සිහිපත් කරයි

දරුස්මාන් වාර්තාව සම්බන්ධයෙන් දී ඇති සහතිකය ගැන ජනාධිපති සිහිපත් කරයි

  • පී.ඩී.එෆ් (PDF)
un_sec_66th_Gen_Assem

දරුස්මාන් උපදේශක මණ්ඩලයේ නියම අභිප‍්‍රාය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්ක් කී මූන් මහතා විසින් දී ඇති සහතිකය ගැන ඔහුට සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසුවේ ත‍්‍රස්තවාදයට නැවත හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා තම රජය සෑම කි‍්‍රයාමාර්ගයක් ම ගන්නා බවය.

දරුස්මාන් උපදේශක සභාව පත් කරන ලද්දේ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා කළ මෙහෙයුම්වල අවසාන අදියරේ දී ශී‍්‍ර ලංකාවේ සිදු වූ දේ ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට හුදෙක් ම උපදෙස් දීම සඳහා මිස, ශී‍්‍ර ලංකාවේ ඊට අදාළ ව පැවැති තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ විමර්ශනයක් කිරීම සඳහා නොවේ යැයි වසරක තරම් කාලයකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී ඇති සහතිකය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මුන් මහතාට සිහිපත් කරන ලදී.

බෑන් කී මුන් මහතා 2010 සැප්තැම්බර් 27 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී දෙන ලද යථෝක්ත ප‍්‍රතිඥාව ගැන සිහිපත් කරන ලද්දේ ජනාධිපතිතුමාත් මහලේකම්තුමාත් එක්සත් ජාතීන්ගේ මහා සංගමයේ දී පසුගිය 24 වැනි දා මුණ ගැසුණු අවස්ථාවේ දී ය. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ රැස්වීම පිළිබඳ වාර්තාවේ මෙම සහතිකය පිළිබඳ ව පැහැදිලි ව කර ඇති සටහන ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට දැනුම් දෙන ලදී.

ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ වර්තමාන තත්ත්වය ගැන කළ සාකච්ඡාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විස්තර වශයෙන් දන්වා සිටියේ අවතැන් වී සිටි පිරිස් අතුරෙන් ඉතා සුළු ප‍්‍රමාණයක් හැරුණු විට සියුදෙනා ම පාහේ නැවැත පදිංචි කරවා ඇති අතර, ඉතිරි වී සිටින සුළු පිරිස ද ඉදිරි වර්ෂය තුළ දී නැවැත පදිංචි කරවනු ලබන බවය.

උතුරේ සිටින ආරක්ෂක හමුදා ගැන කළ සාකච්ඡාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසුයේ උතුරේ හමුදා බලකාය විශාල වශයෙන් අඩුකර ඇති අතර, දැනට එහි සිටින ආරක්ෂක හමුදාව සුවිශාල ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන වැඩ කටයුතුවල නිරතවෙමින් රටේ සෙසු පළාත්වල මෙන් සමාන ආරක්ෂක කටයුතුවල නිරත වී සිටින බවයි.

පශ්චාත් ගැටුම් අවස්ථාවේ දී අවශ්‍ය වන ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ඉහළ ම ප‍්‍රමුඛත්වයෙන් කටයුතු කරන අතර ත‍්‍රස්තවාදයට ශී‍්‍ර ලංකාවෙහි නැවත හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා සෑම කි‍්‍රයා මාර්ගයක් ම ගන්නා බව ජනාධිපති රාජපක්ෂ මහතා පැවසී ය.

එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 66 වන සැසිවරය අතරතුරදී පවත්වන ලද මෙම සාකච්ඡාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන යන මහත්වරුන් සහභාගී වූහ. බෑන් කී මුන් මහතාට ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානීහූ සහය වූහ.

Hc/priu.lk