Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති පළමු පොපි මල ජනපතිට පළඳවයි

පළමු පොපි මල ජනපතිට පළඳවයි

  • පී.ඩී.එෆ් (PDF)
poppy_flower_to_HE
poppy_flower_to_HE_1

නොවැම්බර් මස 11 වැනි දිනට යෙදෙන පොපි මල් දිනය වෙනුවෙන් පළමු පොපි මල අද (27) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැළඳවීම සිදු කෙරිණි.

ජනාධිපතිතුමා වෙත ප්‍රථම පොපි මල පැළඳවීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති නාවික කපිතාන් පැට්ට්‍රික් ජයසිංහ මහතා විසිනි.

1914 සිට 1918 දක්වා පැවැති පළමු ලෝක සංග්‍රාමයේ දී මියගිය දහස් ගණන් සොල්දාදුවන් මිහිදන් කළ බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් රේන්ජ් සහ පිකාර්ඩ් ප්‍රදේශවල රක්ත වර්ණ පොපිමල් හටගත් බව පැවසේ.

පොපි මල් දිනය ප්‍රකාශයට පත් වූයේ 1921 නොවැම්බර් 11 වැනි දා මහා බ්‍රිතාන්‍යයේදීය. එදින සිට සෑම වසරක ම නොවැම්බර් 11 වැනි දා පොපිමල් දිනය සැමරූ අතර මේ වනවිට නොවැම්බර් මාසයේ දෙවැනි ඉරු දිනයේ අන්තර්ජාතික වශයෙන් සැමරුම පැවැත්වේ.

පොපි මල් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ආදායම පළමු ලෝක යුද්ධයේ සිට හමුදා රාජකාරියේ යෙදී සිට විශ්‍රාම ගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවයි.

HC/pics: Nalin Hewapathirana