Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති අපේ රටේ අතිරික්ත සහල් අප්‍රිකානු රටවලට යැවිය හැකියි

අපේ රටේ අතිරික්ත සහල් අප්‍රිකානු රටවලට යැවිය හැකියි

  • පී.ඩී.එෆ් (PDF)
HE_2
ශ්‍රී ලංකාවේ අතිරික්ත සහල් අප්‍රිකානු රටවලට විකිණීමට හැකියාවක් ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, ආහාර සුරක්ෂිතකරණය හා ජීවන වියදම් පාලනය සඳහා වන විශේෂ කමිටුවේ සාමාජිකයින් සමඟ ඊයේ (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වන සම්මේලනයට සහභාගීවීමෙන් අනතුරුව හමු වූ අප්‍රිකානු රටවල නායකයින් තම රටවලට සහල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.

ළඟ එන උත්සව සමය තුළ පාරිභෝගිකයින්ට අවශ්‍ය ආහාර හිඟයකින් තොර ව ලබාදීමටත්, එම කාලය තුළ අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිරිපිටි සඳහා සාධාරණ මිලක් රජය ලබා දී ඇති බැවින් කිරිපිටි මිල ස්ථාවර ව පවත්වා ගැනීමට සමාගම් සමඟ සාකච්ඡා කරන ලෙස ද අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන්ට කරුණු පැහැදිලි කළේය.

ECB