Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති ආසියාවේ දිග ම චිත‍්‍රය ජනපති නරඹයි

ආසියාවේ දිග ම චිත‍්‍රය ජනපති නරඹයි

  • පී.ඩී.එෆ් (PDF)
Mahinda_Rajapakse_4_2
පසුගිය 27වැනි දාට යෙදුණු ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පාසල් දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද කි.මී. 1.5ක් දිගැති Colombo Wall චිත‍්‍රය නැරඹීම සඳහා ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) පෙරවරුවේ එහි ගියේය.

බේරේ වැව අසලින් ආරම්භ වන මෙම චිත‍්‍රය නිර්මාණය කිරීම සඳහා බස්නාහිර පළාතේ පාසල් 140ක දරු දැරියන් 2,000කට වැඩි පිරිසක් සිය නිර්මාණ දායකත්වය ලබා දී ඇති අතර, මෙම චිත‍්‍රය ආසියාවේ පාසල් දරු දැරියන් නිර්මාණය කර ඇති දිග ම චිත‍්‍රය ලෙස සැලකේ.

ඉදිරි වසර 10 තුළ දී කොළඹ නගරය තමන් දකින ආකාරය මෙම දරු දැරියන් චිත‍්‍රයට නඟා ඇත. වර්තමානයේ සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉතා දියුණු පිරිසිදු නගරයක් මෙම දරු දැරියන්ගේ මනසේ මැවී ඇති ආකාරය ඔවුහු චිත‍්‍රයට නඟා ඇත.

චිත‍්‍රය නැරඹූ ජනාධිපතිතුමා මෙම දරු දැරියන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, ඔවුන් දිරිමත් කළේය.

ආර්ථික සංවර්ධන, සංචාරක, අධ්‍යාපන සහ යෞවන කටයුතු යන අමාත්‍යාංශ සහ බස්නාහිර පළාත් සභාව එක් ව මෙම කටයුත්ත සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ද එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

HC/NP-PMU