Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති ඔබේ ගමෙන් ඔබ ව එළවන්න මම සූදානම් නෑ

ඔබේ ගමෙන් ඔබ ව එළවන්න මම සූදානම් නෑ

  • පී.ඩී.එෆ් (PDF)
HE_1

ජනපති කොළඹ ජනතාවට කියයි
කොළඹ ගමේ මිනිස්සුන් ව ඒ ගමෙන් එළවන්නට කිසිදු ලෙසකට ක‍්‍රියා නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

ගමක ඉපදුණු කෙනෙකු ලෙස තමන්ගේ ගමෙන් තමන් එළවන බව කිසිවකු පැවසුවහොත් තමන්ට විශාල වේදනාවක් ඇති වන බවත්, එවැනි බලපෑමකට කිසිදු දිනෙක කොළඹ නගරයේ ජනතාවට මුහුණ දීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මෙම අදහස් ප‍්‍රකාශ කළේ අද (29) පස්වරුවේ කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශයට අයත් ජනතාව සමඟ අරලිය ගහ මන්දිරයේ පැවති හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා, සෝමාලියාව, ඉතියෝපියාව වැනි නම්වලින් හඳුන්වන කොළඹ නගරයේ ජනතාව ජීවත් වන ප‍්‍රදේශ විශාල පරිවර්තනයකට ලක් කරන බව ද පැල්පත වෙනුවට අලංකාර මහල් නිවාසයක අලුත් ජීවිත ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දෙන බව ද පැවසීය.

කොළඹ නගරයේ ජනතාව විඳින දුක තමන් හොඳින් හඳුනන්නේ නාලන්ද විද්‍යාලයට ගිය අවදියේ සිට බව සඳහන් කළ ජනාධිපතිතුමා, දීර්ඝ කාලයක් කොළඹ මහ නගර සභාව පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂයට මෙම ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට නොහැකි වූ බව ද මෙහිදී සඳහන් කළේය.  යුද ජයග‍්‍රහණයෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහය ඇති ව කොළඹ නගරයේ දුගඳ නැති කිරීමට කටයුතු කර ඇති අතර, කොළඹ නගරයේ අලංකාරය සඳහා විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර තිබේ.

පසුගිය කාලයේ කිරීමට නොහැකි විශාල අභියෝග ජයගත් අපට කොළඹ නගර සභාවේ ජයග‍්‍රහණය ඒකාන්තයෙන් අත්කර ගැනීමට හැකි වන බව ද මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන මෛත‍්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ෆයිසර් මුස්තාපා, ලලිත් දිසානායක යන මහත්වරුන් ද මෙම හමුව ඇමතූහ.

මෙම හමුවට කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ, පා.ම. තිලංග සුමතිපාල, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ද, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයේ විශාල ජනතාවක් ද සහභාගී වී සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Hc/NP-PMU