Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති ජනාධිපතිතුමාගේ ලෝක ළමා දින පණිවිඩය

ජනාධිපතිතුමාගේ ලෝක ළමා දින පණිවිඩය

  • පී.ඩී.එෆ් (PDF)
mahinda

අදට (30) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩය.

ඔබ උපන් මේ යුගය ඉතාමත් ඓතිහාසික යුගයක් බව ඔබ හදවතේ තබා ගත යුතුය. ඉතිහාසය කියවන ඔබ කාගෙත් හදවතේ ඇත්තේ දුටුගැමුණු රජතුමා හිටපු යුගයේ විජයබා මහ රජතුමා ජීවත් වූ යුගයේ කාශ්‍යප රජතුමාගේ, රාජසිංහ රජතුමා, විමලධර්මසූරිය මහ රජතුමාගේ යුගයේ අපිත් සිටියා නම් කියන හැඟීම ය. එදා අපි සිටියා නම් අපිත් දුටුගැමුණු රජතුමාගේ සේනාවේ එසේ නැතිනම් මහාසෑය බඳින සෑ බිමේ එසේත් නොමැති නම් කලා වැව සීගිරිය ඉදිකරන ජල ඇළ කපන මහා වැඩ බිමක රට වෙනුවෙන් සතුටින් ආඩම්බරයෙන් කැප වෙන පුරවැසියෝ යන හැඟීම අපට ඇති වෙයි.

ආදරණීය දුවේ පුතේ, වර්තමානයේ උදා වී ඇත්තේ එවැනි යුගයකි. අපි අපේ මාතෘ භූමිය එක්සේසත් කළ ආකාරය ඔබ දැක තිබේ. ඒ සඳහා ජීවිත පරිත්‍යාග කරන්න ඉඩක් ලැබුණේ නැතත් වතුර බෝතලයක් හෝ දී ඒ ඓතිහාසික කාර්යයට ඔබත් දායක විය. එසේ ම මේ රටේ දරුවන් අතරින් බොහෝ දෙනෙක් වසර දහස් ගණනාවකට පසු වරායක පතුල පෑගීමේ වාසනාව ලැබීය. තවත් වසර දහස් ගණනාවක් යනතුරු අද යුගයේ නම කියවෙන ආකාරයේ ඉදිකිරීම් රාශියක් ඉදිවෙන අයුරු ඔබට දක්නට ලැබේ.

එය මාතෘ භූමිය ලෝක සිතියමේ වැදගත් තැනකට ඔසවා තබන ආකාරය දකින්න ලැබීම වාසනාවකි. ඔබ ජීවත් වෙන්නේ අනාගතයේ ලෝකය ආසාවෙන් සමරන යුගයකය. ඒ ඓතිහාසික යුගයේ ඔබත් ඔබගේ නම ඉතිහාසයේ සටහන් කෙරෙන ආකාරයේ විශිෂ්ටයකු වීමට සිතට ගත යුතුය. ඒ සඳහා ඔබගේ බාල කාලය අර්ථවත් ව යොදවනු ඇතැයි මම විශ්වාස කරමි.

Hc