Friday, Jul 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති එල්ටීටීඊ 1800ක් සමාජගත කෙරේ

එල්ටීටීඊ 1800ක් සමාජගත කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

Ltte_rehabil_benefic_tt_spchමානුෂීය මෙහෙයුම සමයේ ආරක්ෂක අංශ වෙත බාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30) සිදුකෙරිණි.

මේ යටතේ පුනරුත්ථාපනලාභී එල්ටීටීඊ අභ්‍යාසලාභීන් 1800ක පිරිසක් මාපියන් වෙත මෙහිදී බාර දෙනු ලැබූහ. පුනරුත්ථාපනලාභීන් විසින් සංස්කෘතිකාංගයක් ද එහිදී ඉදිරිපත් කරන ලදී.

මේ වනවිට ආරක්ෂක අංශ වෙත බාර වූ පිරිසෙන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තවත් ඉතුරු ව ඇත්තේ 900ක් පමණ වූ ඉතා සුළු සංඛ්‍යාවක් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීමේ ලෝක ප්‍රමිතීන්ට, ආචාර ධර්මයන්ට අනුකූල ව රජය කටයුතු කළ බවත් මෙවැනි පුනරුත්ථාපන ක්‍රියාවලියක් අඩු ම කාලයකදී කළ රටක් වශයෙන් ශ්‍රී ලංකාව සඳහන් කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය. මේ කිසිවකු තමාගේ සතුරන් ලෙස නොසලකන බව කී ජනාධිපතිවරයා ඒ හැඟීම මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හේතු වූ බව කීවේය. සුළු පිරිසකගේ වුවමනා එපාකම් ඉටුකර ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත ලක්ෂ සංඛ්‍යාවක් බිලිගැනීමට නැවත වතාවක් ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අඳුරු අතීතය සිහිපත් කර හඬා වැටීමෙන් හෝ වෛර කිරීමෙන් ඵලක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ අතීතය අමතක කර නව ජීවිතයක් ඇරැඹීම බව පැවැසීය. පුනරුත්ථාපනය වූ මේ පිරිස, පා තබන සමාජය මල් යහනාවක් නොවන බව පැවැසූ ජනාධිපතිවරයා සමාජයේ නොයෙක් පිරිස් සමාජ විරෝධී ක්‍රියාවලීන්ට යොදා ගැනීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. පුනරුත්ථාපනය වූ දරුවන්ගේ අනාගතය බාර ගැනීමට මෙන් ම ඉදිරි අවශ්‍යතා ඉෂ්ට කිරීමටත් තමා සූදානම් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර, අමාත්‍යාංශ ලේකම් ඒ. දිසානායක මහත්වරු ද අදහස් දැක්වූහ. මැති ඇමැතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ විදෙස් තානාපතිවරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

HC/MOD

Ltte_rehabil_benefic_tt_1

Ltte_rehabil_benefic_tt_2

Ltte_rehabil_benefic_tt_3

Ltte_rehabil_benefic_tt_4

Ltte_rehabil_benefic_tt_5

Ltte_rehabil_benefic_tt_6

Ltte_rehabil_benefic_tt_crowd

Ltte_rehabil_benefic_tt_crwd