Monday, Sep 24th

Last update04:58:08 PM GMT

රජය

විදේශ විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
වර්ධනය වන ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථිකය තුළ විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව විනිමය පාලන නීති තවදුරටත් ලිහිල් කිරීම සඳහා නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ගයන් ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත.

තව දුරටත් කියවන්න...

2011.08.03 පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එළැඹී තීරණ

  • පී.ඩී.එෆ් (PDF)
01/ 07 ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ග් රාජ්‍ය අතර ආදායම් හා ප්‍රාග්ධනය පිළිබඳ ද්විත්ව බදුකරණය වැළැක්වීම සඳහා ගිවිසුමක්

•    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුව හා ලක්සම්බර්ග් රාජ්‍ය ආණ්ඩුව අතර ඇති කර ගනු ලබන ගිවිසුමේ කෙටුම්පත රාජ්‍ය මට්ටමින් අත්සන් කිරීමට සහ 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතෙ 97(1)(අ) වගන්තිය ප්‍රකාර ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

තව දුරටත් කියවන්න...

2011.06.08 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹි තීරණ

  • පී.ඩී.එෆ් (PDF)
1/ 14 ඉංග්‍රීසි-සිංහල​, ඉංග්‍රීසි - දෙමළ ශබ්ද කෝෂයේ ව්‍යාපෘති කාලය 2013 දක්වා දීර්ඝ කෙරේ

· ජාතික සමගිය ගොඩනැගීමේ ප්‍රධාන මෙවලමක් ලෙස  භාෂාව සලකන හෙයින් ඉංග්‍රීසි භාෂාවේ වචන සමරූපී ලෙස පාරීභාෂික සිංහල-දෙමළ භාෂාවන්ට සම්පාදනය වී තිබීම වැදගත් යැයි සළකන බැවින් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ යෝජනාවක් මත අදාළ පද මාලා සම්පාදනය කිරීමේ ව්‍යාපෘති කාලය 2013 වසර දක්වා දීර්ඝ කිරීමට අමාත්‍යාංශ අනුමැතිය ලැබිණි.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.05.25

  • පී.ඩී.එෆ් (PDF)
01 / 06 ජාතික පොලිස් විද්‍යාපීඨ පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

•    පොලිස් නිලධාරීන්ගේ හා නීතිය ක්‍රියාත්මක කිරීම භාර වෙනත් නිලධාරීන්ගේත් වෘත්තීය දැනුම හා නිපුණතා සංවර්ධනය කිරීම උදෙසා පොලිස් විද්‍යාපීඨයක් ස්ථාපිත කිරීමට පසුගිය දා ජනාධිපතිතුමා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රකාරව ඒ සඳහා වන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කරන ලදී.

තව දුරටත් කියවන්න...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2011.04.27

  • පී.ඩී.එෆ් (PDF)

01/68 රු.මිලියන 15000 ක වියදමින් ග්‍රාමීය පාලම් 210 ක් ඉදි කෙරේ.

දිවයිනේ විවිධ ගම් ප්‍රදේශ එකට එක් කරන මහින්ද චින්තන ප්‍රතිපත්තියෙහි විශේෂ සැලකිලි දක්වා ඇති පරිදි ග්‍රාමීය පෙදෙස් වල කුඩා පාලම් 210 ඉදි කිරිමට රජය තීරණය කර ඇත.

තව දුරටත් කියවන්න...