Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන රජය මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)
ZZ_chque_swarnabarana_adikari_ssss

"නිදහස" සුබ සංස්කෘතියක පෙර දැක්ම - 'පළිඟු ශ්‍රවණාගාරයට' ලක්ෂ 60 ක්

ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද "නිදහස"  සුබ සංස්කෘතියක පෙර දැක්ම ප්‍රදර්ශනය හා සැණකෙළියේ ප්‍රධාන අංගයක් වන 'පළිඟු ශ්‍රවණාගාරය' සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් රුපියල් ලක්ෂ 60 ක අනුග්‍රහයක් දක්වා ඇත. 

මෙම මුදල සහිත අනුග්‍රාහක චෙක්පත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා විසින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත   2010.11.16 දින ප්‍රදර්ශන භූමියේදී  ප්‍රදානය කරන ලදී. 
මෙම ‘පළිඟු ශ්‍රවණාගාරයේ’ විශේෂත්වය වන්නේ ඩිජිටල් නිර්මාණයන් තුළ  මහජනතාවට සැරිසැරීමේ අවස්ථාව හිමිවීමයි. තවද මෙම ප්‍රදර්ශනය නැඹීමට පැමිණෙන ජනතාවට ඔවුන්ගේ ස්වර්ණාභරණ වල තත්ත්වය නොමිලේ පරීක්ෂාකර දීමේ සේවාවක් ද අධිකාරිය විසින් සළසා ඇත.
මෙම ‘‘නිදහස’’  සුබ සංස්කෘතියක පෙර දැක්ම ප්‍රදර්ශනය හා සැණකෙළිය 2010.11.17 සිට 20 දින  දක්වා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.


මහාචාර්ය ආරියරත්න ඇතුගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්.