Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන රජය 2011.06.08 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹි තීරණ

2011.06.08 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹි තීරණ

  • පී.ඩී.එෆ් (PDF)
1/ 14 ඉංග්‍රීසි-සිංහල​, ඉංග්‍රීසි - දෙමළ ශබ්ද කෝෂයේ ව්‍යාපෘති කාලය 2013 දක්වා දීර්ඝ කෙරේ

· ජාතික සමගිය ගොඩනැගීමේ ප්‍රධාන මෙවලමක් ලෙස  භාෂාව සලකන හෙයින් ඉංග්‍රීසි භාෂාවේ වචන සමරූපී ලෙස පාරීභාෂික සිංහල-දෙමළ භාෂාවන්ට සම්පාදනය වී තිබීම වැදගත් යැයි සළකන බැවින් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ යෝජනාවක් මත අදාළ පද මාලා සම්පාදනය කිරීමේ ව්‍යාපෘති කාලය 2013 වසර දක්වා දීර්ඝ කිරීමට අමාත්‍යාංශ අනුමැතිය ලැබිණි.

· මේ සඳහා සම්පත් දායක උපදේශක මණ්ඩලයක් පත් කිරීමට ද අනුමැතිය ලැබිණි.

2/ 15 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යව වැඩි කෙරේ

· උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ යෝජනාවක් අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව 07 සිට 15 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුවැතිය ලැබිණි.

· මෙයට අමතරව විශ්ව විද්‍යාලවල පාලක සභාවල සාමාජික සංඛ්‍යාවද වැඩි කරනු ලැබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නීති , මුල්‍ය තත්ත්ව සහතික​, රාජ්‍ය නොවන උසස් අධ්‍යපන, තෘතීය අධ්‍යාපන ,වෘත්තීය​,රාජ්‍ය හා පෞද්ගලික මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ද නියෝජනය වන පරිදි පුළුල් කෙරේ.

· 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත හා ඊට අදාළ 1985 අංක 07 දරණ (සංශෝධිත​) පනත හදිසි පනතක් ලෙස සළකා සංශෝධනය කෙරේ.

3/ 34 අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග 200 කට අනතුරු ඇඟවීමේ ආරක්‍ෂිත පද්ධති සවි කිරීමට රු. මි 1000 ක්

· දිවයිනේ පිහිටි දුම්රිය මාර්ග ජාලය තුළ තිබෙන අනාරක්‍ෂිත හරස් මාර්ග සඳහා ආරක්‍ෂක පද්ධති සවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

· දැනට දුම්රිය හරස් මාර්ග 915 ක් තිබෙන​ අතර​, ඒවායින් 303 ක් සඳහා ආරක්‍ෂක පද්ධති සවි කර තිබේ. ඉතිරි 612 සඳහා කිසිදු අනතුරු ඇඟවීමේ ආරක්‍ෂක පද්ධති  ස්ථාපිත කර නොමැත​.

· ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කළ යෝජනාවකට අනුව අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයන් හි විදුලි එළි හා විදුලි සීනු සහිතව ආරක්‍ෂක පද්ධති 200ක් සවි කිරීම සඳහා රු. මි 1000 ක් වෙන් කිරීමට තීරණය කරන ලදි.

4/ 42 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර් අමාත්‍ය කමිටුවක්

· ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් වන තැනට ගෙන ඒම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සතු විභවය භාවිත කිරීම හා එහි ප්‍රතිලාභ සියළු පුරවැසියන් වෙත ලැබීමට සැලැස්වීම රජයේ අරමුණයි.

· මෙම ක්‍ෂේත්‍රයට අදාළව මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන දිගු කාලීන ආර්ථික අපේක්‍ෂාවන් ඇතුළත් කොට තිබේ.

  • 2016 වසර වන විට වසරකට ඩොලර් මිලියන 1000ක අපනයන ආදායමක් ඉපැයීම
  • වසර 06ක් තුළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් 100,000 නිර්මාණය කිරීම
  • 2016 වන විට ජාතික තොරතුරු සාක්‍ෂරතාවය 75% දක්වා වර්ධනය කිරීම​
  • ප්‍රධාන නගර 25ක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම​.

· විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ යෝජනාවකට අනුව මෙම අරමුණ ක්‍රියාවට නැංවීම සඳහා 2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන  තාක්‍ෂණ පනතේ විධි විධාන ප්‍රකාරව 07 දෙනෙකුගෙන් යුත් අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

 

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්