Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන රජය දළ දේශීය නිෂ්පාදිතයේ 8%ක වර්ධනයක්

දළ දේශීය නිෂ්පාදිතයේ 8%ක වර්ධනයක්

  • පී.ඩී.එෆ් (PDF)

විදේශීය සහ දේශීය ඉල්ලුම ඉහළයාම හේතුකොටගෙන දේශීය ආර්ථික කටයුතු තවදුරටත් ප‍්‍රශංසනීය වේගයකින් වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය සැප්තැම්බර් මාසයේ මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් පවසයි.

කර්මාන්ත සහ සේවා යන දෙඅංශයෙන් ම සතුටුදායක වර්ධනයක් වාර්තාවීමත් සමඟ ශී‍්‍ර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2011 ප‍්‍රථම භාගයේ දී සියයට 8කින් පමණ වර්ධනය වූ බව ඇස්තමේන්තු කර තිබේ.

කෘෂිකාර්මික අංශයේ දායකත්වය ද ප‍්‍රථම කාර්තුවේ දී පැවති පහළ බැසීමට සාපේක්ෂ ව දෙවන කාර්තුවේ දී ධන අගයක් ගන්නා ලද බව ද මහ බැංකුව පවසයි.

මුදල් ප‍්‍රතිපත්ති විවරණය - 2011 සැප්තැම්බර්