Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය ප්‍රවෘත්ති නිවේදනය

ප්‍රවෘත්ති නිවේදනය

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ වළක්වාලීම සඳහා  ජාතික වැඩපිළිවෙළක්


සර්ප දෂ්ටන නිසා ශ්‍රී ලංකාවේ සිදුවන  මරණ වළක්වාලීමේ අරමුණ ඇතිව ජාතික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

සෞබ්‍ය අමාත්‍යාංශය හා සීමාසහිත පාරිසරික පදනම මේ වැඩ සටහන යටතේ ප්‍රජාව හා සෞබ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට දිවයිනපුරා වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටන පිළිබඳ තත්ත්වය සලකා බැලිමේදී වසරකට 60,000ක් පමණ රෝගීන් වාර්තා වන අතර ඒ අතරින් රෝහල් කරා පැමිණෙන සංබ්‍යාව 20,000ක් පමණ වන බව ද පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.ඒ.එච්. කුලරත්න මහතා ඊයේ (10) සෞබ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී පැවසීය.

සර්ප දෂ්ටන ඝර්ම කලාපීය මෙන්ම ආසියාතික හා අප්‍රිකානු රටවලට විශේෂිත වූ ප්‍රශ්ණයක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ සර්ප ප්‍රභේද 101ක් ජීවත් වේ. මේ අතරින් සර්ප ප්‍රභේද 13ක් මුහුදු පර්පයන් වන අතර 88ක් ගොඩබිම සර්පයන් බව ද මෙහිදී අනාවරණය විය. මේ සර්ප ප්‍රභේද අතරින් 6ක් උග්‍ර විෂ සහිත වන අතර 5ක් මද විෂ සහිත හා අනිකුත් සියළුම සර්පයන් විෂ රහිත බව ද ප්‍රකාශ කළේය.

විෂ සහිත සර්පයන් අතර තිත් පොළඟා, තෙල් කරවලා, නයා, කුණ කටුවා, මූදු කරවලා හා වැලි පොළඟා හඳුන්වා දිය හැක. මෙම සර්පයන් වැඩි වශයෙන් ජීවත් වන්නේ වියළි කලාපයේ වන අතර තෙත්  හා මධ්‍ය කලාපයේ සුළු වශයෙන් දැකිය හැකිය.

තවද, සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ අනුපාතිකය මේ වනවිට 1% දක්වා අඩු වුවද තවමත් වසරකට රෝගීන් 100ක් පමණ මරණයට පත්වනු ඇත. මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් රෝගීන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වේ. එසේ නොමැති විට රෝගියාගේ ස්නායු පද්ධතිය හා වකුගඩු අකර්මන්‍ය තත්ත්වයකට පත්වී රුධිරය කැටි ගැසීම සිදුවී රෝගියා මරණයට පත් වනු ඇත.

මෙවැනි රෝගීන්ට පැනඩෝල්, ඩිස්ප්‍රින් වැනි ඖෂධ වර්ග, නොයෙකුත් දියර වර්ග පානය කිරීමට නොදිය යුතු අතර දෂ්ටනය වූ ස්ථානය වෙළුම් පටිවලින් බැදීම නොකළ යුතු වේ. සර්ප දෂ්ටනවලදී ලබා දෙන ප්‍රති විෂ එන්නත් සෑම රෝහලකම තිබෙන බැවින් හැකි ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ළඟම ඇති රෝහලකට රෝගියා රැගෙන යාමට කටයුතු කරන මෙන් දන්වා සිටියි.

මෙම සම්මන්ත්‍රණයට සෞබ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, සෞබ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ සන්නිවේදන විශේෂඥ වෛද්‍ය කපිල සූරියආරච්චි හා සීමාසහික පාරිසරික සංගමයේ සම්බන්ධීකාරක රුස්වින් විල්කාසිම් යන මහත්වරුද සහභාගී වූහ.