Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය කර්මාන්ත ක්‍රියාවලිය.....

කර්මාන්ත ක්‍රියාවලිය.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageකර්මාන්ත ක්‍රියාවලිය පරිසර හිතකාමී ලෙස පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙළක්

පරිසර දූෂණය පාලනය කරමින් මෙරට කර්මාන්ත ක්‍රියාවලිය පරිසර හිතකාමී ලෙස පරිවර්තනය කිරීමට හා උපදේශන සේවා ප්‍රමිතිගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආරම්භ කර ඇත. මෙම වැඩපිලිවෙළ යටතේ මෙරට රසායනාගාර  හා විශේෂඥ උපදේශන ආයතන ප්‍රධානීන්  දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගරයේදී පැවැත්විණි.

මේවන විට මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි රසායනාගාර 22ක් හා තාක්ෂණික උපදේශක ආයතන 33ක් පවතින අතර ඔවුන්ගේ නම් හා සේවාවන් පිළිබඳව කර්මාන්ත ප්‍රජාව දැනුවත් කිරීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කෙරේ.

මේ අනුව, කර්මාන්තවලින් සිදුවන පරිසර දූෂණයන් පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය 1990 වසරේ සිට ක්‍රියාත්මක කරමින් පවතිනු ලැබේ.

 මෙම ක්‍රමවේදය හරහා කර්මාන්තයේ තත්ත්වය වර්ධනය කර ගැනීමට හා විධිමත් තාක්ෂණික උපදේශකත්වයක් ලබා ගැනීමට කටයුතු කෙරේ. තවද, එම තත්ත්වයන්ට අනුකූලද යන්න තහවුරු කර ගැනීමට අදාළ තාක්ෂණික උපදේශන ආයතන හරහා රසායනාගාර විශ්ලේශණ වාර්තා ලබා ගැනීමද සිදුකළ යුතු වේ.

මීට අමතරව මෙම ආයතනවලින් සිදුවන සේවාව හා ප්‍රමිතිය පිළිබඳව විමර්ශනය කර, ව්‍යවසායකයින්ගෙන් ලැබෙන පැමිණිලි අනුව ආයතන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට හා අවශ්‍ය වැඩි දියුණු කිරීමෙන් පසු නැවත ලියාපදිංචිය ලබාදීමට ද කටයුතු කෙරෙනු ඇත. මෙම ආයතනයන් විසින් 2010 වසරේ ලබාදුන් සේවාව පිළිබඳ ඇගයීමෙන් පසු ඊළඟ වසරේ ලියාපදිංචිය ලබාදීම සිදු කරනු ලැබේ.