Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන මධ්‍යම තොරතුරු ඒකකය පාලි ප්‍රවර්ධන පාඨමාලා.....

පාලි ප්‍රවර්ධන පාඨමාලා.....

  • පී.ඩී.එෆ් (PDF)
Image
පාලි ප්‍රවර්ධන පාඨමාලා පරීක්ෂණය ජූලි 03 වන දා

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල්  නිස්සරණධ්‍යාසයෙන් සේවයේ නියුතු ගුරුභවතුන්ගේ පාලි භාෂා ප්‍රවර්ධන පාඨමාලා පරීක්ෂණය ජූලි මස 03 වෙනි දින පෙ.ව. 9.00ට මධ්‍යස්ථාන 25කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම විභාගය කොළඹ, හොරණ, ගම්පහ, රුැවන්වැල්ල, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මීගහකිවුල , හපුතලේ, රත්නපුර, ගිනිගත්හේන, කුරුණෑගල, වාරියපොළ, කුලියාපිටිය නැගෙනහිර, පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුරය, ගාල්ල, ඇල්පිටිය, මාතර, මොනරාගල, තණමල්විල හා මැදගම යන මධ්‍යස්ථානවලදී පැවැත්වෙනු ඇත.

පාලි භාෂාව කෙරෙහි උනන්දුවක් ඇති ගුරු භවතුන් රැසක් මේ සඳහා සහභාගීවී ඇති අතර  දේශන මධ්‍යස්ථාන 25 කදී පවත්වා ඇත. මෙම පාලි භාෂා ප්‍රවර්ධන පාඨමාලාවට අදාළ පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේවන විට විභාග අපේක්ෂකයින් වෙත ලැබීමට සලස්වා ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පවසයි.