Monday, Sep 24th

Last update04:58:08 PM GMT

සංචාරක හා හෝටල් .....

  • පී.ඩී.එෆ් (PDF)
Image
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ උපාධි ප්‍රදානෝත්සවය 20දා  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී

ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ හා පුහුණු ආයතනයේ සත්කාරක කළමනාකරණය පිළිබඳ තුන් අවුරුදු සහ සිව් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන්ට උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උළෙල මෙම මස 20 වෙනි දින ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.
32වෙනි වරට පැවැත්වෙන මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී 106 දෙනෙක් උපාධි සහ ඩිප්ලෝමා ලැබීමට නියමිතයි. මෙම පිරිස අතුරෙන් විශිෂ්ඨ සමාර්ථලාභීන් සඳහා කුසලතා ප්‍රදානය කිරීමක්ද සිදු කිරීමට නියමිත අතර ඔවුන්ට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතිකයක් පිරිනැමෙනු ඇත.

මෙම පාඨමාලා හැදෑරූ පිරිසට දේශීය සහ විදේශිය සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ කනිෂ්ඨ කළමනාකරණයේ සිට ඉහළ කළමනාකරණය දක්වා රැකියා අවස්ථා බහුලව පවතින නිසා ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටළුවට මෙන්ම විදේශ විනිමය ශ්‍රී ලංකාවට උපයා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.