Monday, Sep 24th

Last update04:58:08 PM GMT

M learning ක්‍රමයට...

  • පී.ඩී.එෆ් (PDF)
Image
M learning   ක්‍රමයට ඩිප්ලෝමා පාඨමාලාවක්

ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට  M learning   ක්‍රමය යටතේ කොළඹ විශ්ව විද්‍යාලය මඟින් ආරම්භ කර ඇති සංචාරක, සංචරණ, ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සහ කොළඹ විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කර ඇති මෙම පාඨමාලාවේදී දේශනවලට සහභාගීවීමකින් තොරව ජංගම දුරකථනය හරහා පුද්ගලික පරිගණකයට සම්බන්ධ වෙමින් සජීවී ලෙස පාඨමාලාවට සම්බන්ධ විය හැක.

සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුව සිටින අයට සිය වෘත්තීයමය සුදුසුකම් සහ විවිධ කුසලතා ඔප් නංවා ගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඩිප්ලෝමාවක් ලබා ගැනිමට මෙමඟින් අවකාශ ලැබෙනු ඇත.

පාඨමාලා කාලය වසරක් වන අතර මේ සඳහා අවශ්‍ය අයදුම්පත් www.cmb.ac.lk/academic/arts/econ/index.php  වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ කොළඹ විශ්ව විද්‍යාලීය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් ලබා ගත හැක.
 
සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2010 ජූලි මස 20 වන දිනට ප්‍රථම  u මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ විද්‍යුත් තැපෑලට යොමු කළ යුතු අතර පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර 0718046415 දුරකථන අංකයට පාඨමාල සම්බන්ධීකරණ නිලධාරී ආචාර්ය සුරංග සිල්වා මහතා හෝ බුද්ධික හේවාවසම් මහතා ඇමතීමෙන් ලබා ගත හැක.