Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන විශේෂ "නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මැයෙන් පාසැල් රචනා තරගය

"නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මැයෙන් පාසැල් රචනා තරගය

  • පී.ඩී.එෆ් (PDF)

දශක තුනක යුද්ධය නිමා කිරීමත් සමඟ යළි ගොඩ නැඟුණු දේශය සුරකමින් නව සංවර්ධන ගමන් මඟකට එළැඹි ශ‍්‍රී ලංකාව 2011 පෙබරවාරි 04 වන දින සමරනු ලබන  63 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් පාසල් සිසුන් සඳහා රචනා තරගයක් පැවැත්වීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

"නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මාතෘකාව යටතේ දශක තුනක යුද්ධය අවසන් වීමත් සමඟ අනාගතය උදෙසා ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා ආර්ථික හා සමාජයීය වෙනස්කම් ඇතුළත් රචනාව සිංහල, දෙමළ හෝ ඉංග‍්‍රීසි බසින් වචන 1000 කට නොඅඩු විය යුතුය.මෙම පාසැල් රචනා තරගයට වයස අවුරුදු 15 ට වැඩි සිසුන්හට සහභාගිවිය හැකිය.

ජයග‍්‍රාහි රචනාව, නිදහස සමරු උළෙල වෙනුවෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබන සමරු කලාපයේ ප‍්‍රකාශයට පත්කරනු ලබන අතර ජයග‍්‍රාහි රචනාව සඳහා සහතික පත් හා ත්‍යාග ද පිරිනමනු ලැබේ.

එහෙයින් "නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මාතෘකාව යටතේ වූ මෙම රචනා තරගයට සහභාගිවන පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම රචනාව තමා අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිගේ නිර්දේශය සහිත ව 2011 ජනවාරි මස 10 වන දිනට ප‍්‍රථම රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අංක 163, කිරුළපන මාවත, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමු කළ යුතු වේ. මේ පිළිබඳ වැඩි විස්තර www.news.lk  දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

තරඟකරුවන් සඳහා උපදෙස්
"නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මැයෙන් වූ මෙම රචනා තරඟය සිංහල දෙමළ හා ඉංග‍්‍රීසි බසින් වෙන් වෙන් වශයෙන් පැවැත්වේ.

ඉහත විස්තර පරිදි A4 කඩදාසියේ එක් පැත්තක පමණක් ලියන ලද තම රචනාව සිසුවා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් සහතික කර පහත ලිපිනයට 2011.01.10 වන දින හෝ ඊට ප‍්‍රථම ලැබෙනසේ යොමු කළ යුතුය.


සහතිකය

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ,නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය, යන මාතෘකාව යටතේ සංවිධානය කරන ලද රචනා තරඟයට මෙය සමඟ ඉදිරිපත් කරනු ලබන රචනාව .............................. ....................................................................... ........
විද්‍යාලයේ ......................................... ශ්‍රේණියේ ඉගෙනුම ලබන .....................................

....................................................................... ......................................................................

.... ශිෂ්‍යයා/ශිෂ්‍යාවගේ  ස්ව නිර්මාණයක් බව සහතික කරමි.


දිනය ඃ                                               විදුහල්පතිගේ නම/අත්සන
හා නිල මුද්‍රාව