Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන විශේෂ රජයේ නිල පුවත් වෙබ් අඩවිය නවීකරණය කෙරේ

රජයේ නිල පුවත් වෙබ් අඩවිය නවීකරණය කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
new_news.lk_web
new_news.lk_web_3
new_news.lk_web_1

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නවීකරණය කරන ලද අධිවේගී වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් අද (06) දියත් කෙ‍රිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල පුවත් වෙබ් අඩවිය වන www.news.lk ක්ලවුඩ් අධිවේගි සත්කාර පහසුකම් සහිත ව අද (06) ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් නැවත දියත් කරන ලදී.

නව තාක්ෂණය උපයෝගී කරමින් සකස් කරන ලද අන්තර් පරිපාලන පද්ධතිවලින් සමන්විත ය. එම නව පහසුකම් යටතේ මෙම වෙබ්  අඩවිය පරිශීලනයේ දී  අධිවේගී පහසුකම් පාඨකයන් වෙත ලැබෙනු ඇත.

මෙය රජයේ ප්‍රථම පුවත් වෙබ් අඩවියක් ලෙස 1996 වසරේ දී ආරම්භ කරන ලද අතර ඇමරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ සත්කාර පහසුකම් සහිත ව සමකාලීනව සපයනු ලබන සේවා පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ පමණක් නො ව ලොව ඕනෑ ම තැනක සිට ඉතා පහසුවෙන් හා වේගයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමේ පහසුකම් වෙබ් පරිශීලනයේදි ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සදහා ජාතික සංවර්ධනය පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආරිය රූබසිංහ මහතා හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක මහතා ද මාධ්‍යවේදීන් රැසක් ද සහභාගි වූහ.

 

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්