Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් නිවේදන විශේෂ ප්‍රවෘත්ති නිවැරදි කිරීමයි

ප්‍රවෘත්ති නිවැරදි කිරීමයි

  • පී.ඩී.එෆ් (PDF)
ප්‍රථම ප්‍රතිඵලය රාත්‍රී දහයට කලින්
තැපැල් ප්‍රතිඵල වෙන ම නෑ
ප්‍රතිඵල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හරහා නොවේ
ඡන්ද පොළේ ඡායාරූප වීඩියෝ තහනම්

‘පළාත් පාලන ජන් ද විමසීමේ ප්‍රතිඵල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හරහා නොවේ' යන අනු ශීර්ෂය සහිත ව "දිනමිණ" පුවත්පතේ 2011 ජුලි 21 බ්‍රහස්පතින් දා පළ වූ ඉහත ප්‍රවෘත්තිය පිළිබඳ ව යි.

මෙවර පළාත් පාලන ජන්ද විමසීමේ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හරහා නිකුත් කරන බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිවේදනය කරන ලදුව, මාධ්‍ය නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ව දැනටමත් අවශ්‍ය පියවර ගෙන තිබේ.

“ප්‍රතිඵල ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හරහා නොවේ” යැයි මැතිවරණ කොමසාරිස්තුමා විසින් බදාදා පවත්වන ලද පුවත්පත් සාකච්ජාවේදී ද ප්‍රකාශ කරන ලදැයි සඳහන් කිරීම මුළුමනින් ම සාවද්‍ය ප්‍රවෘත්තියක් බව ප්‍රකාශ කරමි. මෙම මාධ්‍ය සාකච්ජාවට සහභාගී වූ අනෙකුත් කිසිදු මාධ්‍යකින් එලෙස එම​ ප්‍රවෘත්ති පළ නොකිරීමෙන් ද​ ඒ බව වඩාත් පැහැදිලි වේ.

වගකිව යුතු රාජ්‍ය මාධ්‍යයක් මෙලෙස​ වගකීම් රහිත ව ප්‍රවෘත්ති වාර්තා කිරීම තුළින් මහජනතාව තුළ ඔබ මාධ්‍ය කෙරෙහි විශ්වාසය පළුදු වන බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.

එහෙයින් මෙහි නිවැරදි ප්‍රවෘත්තියට ඔබගේ මුල් ප්‍රවෘත්තිය හා සමාන ප්‍රසිද්ධියක් ලබා දෙමින් පළ කරන ලෙස කාරුණික ව ඉල්ලමි.

මහාචාර්ය ආරියරත්න ඇතුගල
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්

පිටපත : බන්ධුල පද්මකුමාර මහතා - සභාපති, ලේක් හවුස් ආයතනය